LOLC ෆිනෑන්ස් වෙතින් පිරිනැමෙන සරල එහෙත් නම්‍යශීලි විසදුම් මඟින් හොඳම පොලී අනුපාත සමඟ නම් දැරූ අප සේවාවන් ඔබට සහතික වශයෙන් හිමිවනු ඇත. ඔබේ ඉතුරුම් ආයෝජන කළඹ විවිධාංගීකරණය සහ ඉහළ ප්‍රතිලාභ ඉලක්ක කරගත්, පුළුල් පරාසයක විහිදුනු අපගේ ඉතුරුම් සහ තැන්පතු ගිණුම්වල වාසිය අත්විඳින්න.
LOLC ෆිනෑන්ස් හි විශේෂතාවයෙන් ඔබේ ධනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. අපගේ ඉතුරුම් නිෂ්පාදන අපගේ අංගසම්පූර්ණ ශාඛා 201 හරහා පිරිනමනු ලැබේ. සේවා මධ්‍යස්ථාන 33ක් ඇත. ඊට අමතරව, සියලුම ඉතුරුම් ගිණුම් හිමියන්ට වීසා ඩෙබිට් කාඩ්පත් ලැබේ. දේශීයව සහ ගෝලීයව ඕනෑම වීසා ජාලයකින් ඔබේ මුදල් ආපසු ගැනීමේ පහසුව භුක්ති විඳින්න.
අපගේ නිෂ්පාදන ඔබේ විශේෂිත අවශ්‍යතා සපුරාලයි; මූලික වෙනස වන්නේ ගිණුම් විවෘත කිරීම සඳහා වන මූලික තැන්පතුව සහ පවත්වා ගත යුතු අවම ශේෂයයි. අපගේ ඉතිරිකිරීමේ ගිණුම් කළඹේ ප්‍රධාන සේවා වන්නේ:
අනාගතය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් වුවත්, ඔබේ අපේක්ෂාවන් සපුරාලන නිවැරදි විසඳුම් සොයා දෙමින් ඔබේ ධනය වර්ධනය කර ගැනීම සඳහා අපට සහාය විය හැක. LOLC ෆිනෑන්ස් හි තරඟකාරී පොලී අනුපාත මෙන්ම, ගණුදෙනුකරුවන් උදෙසා වන පැය 24 පුරා සේවයෙන් ප්‍රතිලාභ හිමිකරගන්න. ක්ෂේත්‍රයේ හොඳම අනුපාතයන් වන අපගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත නව්‍ය යෝජනා ක්‍රම, විකල්ප රැසක් සහ ඉහළම මට්ටමේ ආරක්ෂාවක් සහතික කරයි. තැන්පතු වල කල්පිරීමේ කාලසීමාව මාසයේ සිට මාස 60 දක්වා විහිදෙන අතර පුද්ගලිකව හෝ හවුල් ගිණුම් ලෙස පවත්වාගත හැක. අපගේ සේවාවන් පහත දැක්වේ.
LOLC ෆිනෑන්ස්හි අපේ ප්‍රමුඛත්වය සැමවිටම ඔබයි. ඔබ නිවසේදී මෙන්ම වෙනත් රටකදී වුවද, ඔබේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලන පරිපූර්ණ විසඳුම් අපි සපයන්නෙමු. අපගේ කාර්ය මණ්ඩලය ඔබේ විමසුමට ප්‍රතිචාර දක්වමින්, ගිණුමක් ආරම්භ කිරීමේ සිට දේශීය වෙළඳපොළ පිළිබඳ විශේෂඥ උපදෙස් දක්වා ඔබට උපරිම සහය ලබාදෙනු ඇත. ඔබ කොතැන ගියත් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබට නිරවුල් මනසක් පවත්වා ගැනීමට අපි කැපවී සිටිමු. විදේශ මුදල් ගනුදෙනු වල නිරත ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්හි ඔබේ විදේශ මුදල් තැන්පත් කර ඉහළ පොලී අනුපාතයන් උපයන්න.