English தமிழ்
දැන්ම විමසන්න

ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත


නෙළුම් මල බලාපොරොත්තුවේ සහ සතුටේ මල් පිපීම සංකේතවත් කරයි. එය සමෘද්ධිය නියෝජනය කරන අතර පාරිශුද්ධත්වය ද සංකේතවත් කරයි. Mastercard Gold Credit කාඩ්පත සමඟ සම්බන්ධ වී 'ඔබ තුළ ඇති යහපත්කම පෝෂණය කිරීමට' ඔබට හැකි වන පුළුල් පරාසයක ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ගැනීමට LOLC ෆිනෑන්ස් හි අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ කවුද?



  • වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්.
  • අවම වශයෙන් රු. 60,000/- ක මාසික ශුද්ධ ආදායමක් ඇති පුද්ගලයින්.

අවශ්‍ය ලියකියවිලි මොනවාද?



  • ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
  • ස්ථිර ලිපිනය ජාතික හැඳුනුම්පත් ලිපිනයෙන් වෙනස් නම්, අයදුම්කරුගේ නමින් පසුගිය මාස තුන තුළ දිනැති උපයෝගිතා බිල්පත.
අ) වැටුප් ලබන්නේ නම්;
  • නවතම වැටුප් පත්‍රිකාව
  • සේවායෝජකයාගේ වැටුප් තහවුරු කිරීමේ ලිපිය
ආ) ස්වයං රැකියාවක නියැලෙන්නෙකු නම්;
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්.
  • පසුගිය මාස 03 සඳහා ජංගම / ඉතිරිකිරීමේ ගිණුම් ප්‍රකාශනවල පිටපත්.
  • පසුගිය වසර 2 සඳහා වාර්ෂික ආදායම තහවුරු කරන විගණකවරයාගේ ලිපිය
ඇ) වෘත්තීය නම්;
  • අයදුම්කරු පසුගිය වසරක කාලයක් වෘත්තියේ නියැලී සිටින බවට ප්‍රමාණවත් සාක්ෂි
  • අදාළ වෘත්තීය ආයතනයෙන් ලබා ගත් වෘත්තීය බලපත්‍රයේ / වෘත්තීය සාමාජික කාඩ්පතේ පිටපතක්
  • නවතම ආදායම් බදු වාර්තා (විකල්ප)

විශේෂාංග සහ ප්‍රතිලාභ



  • අසමසම වට්ටම් සහ ප්‍රවර්ධන
  • ලොව පුරා පිළිගැනීම
  • ණය සීමාවෙන් 70% ක් දක්වා පහසු ණය පහසුකම.
  • ලොව පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් සඳහා ඉක්මන් සහ පහසු ප්‍රවේශයක්.
  • නොමිලේ විද්‍යුත් ප්‍රකාශන සහ කෙටි පණිවුඩ අනතුරු ඇඟවීමේ සේවා භාවිතයෙන් සෑම කාඩ්පත් ගනුදෙනුවක්ම නිරීක්ෂණය කිරීමේ පහසුකම.
  • කිසිදු LOLC ශාඛාවකට නොගොස් අන්තර්ජාලය හරහා කාඩ්පත් ගනුදෙනු සහ ශේෂයන් පරීක්ෂා කිරීමේ හැකියාව.
  • ඔබගේ සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා භාෂා තුනෙන්ම පැය 24 පුරාම සහාය ලබා ගත හැකිය.
  • සමාන මාසික වාරික සැලසුම් භාවිතයෙන් ගනුදෙනු කිරීමේ පහසුව.
  • වඩාත් පහසු සහ ආරක්ෂිත ගනුදෙනු සඳහා ටැප් ඇන්ඩ් ගෝ (NFC) පහසුකම.
  • EMV චිපය සක්‍රීය කර ඇත (උපරිම ආරක්ෂාව සහතික කෙරේ).
  • බහු ආපසු ගෙවීමේ විකල්ප.
  • අතිරේක කාඩ්පත් තුනක් (03) තිබීමේ පහසුකම.

ලිපිනය අංක 438, හැව්ලොක් පාර, කොළඹ 05

දුරකථන - +94 11 5718888 (සාමාන්‍ය)